Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 14

يُنَادُونَهُمۡ أَلَمۡ نَكُن مَّعَكُمۡۖ قَالُواْ بَلَىٰ وَلَٰكِنَّكُمۡ فَتَنتُمۡ أَنفُسَكُمۡ وَتَرَبَّصۡتُمۡ وَٱرۡتَبۡتُمۡ وَغَرَّتۡكُمُ ٱلۡأَمَانِيُّ حَتَّىٰ جَآءَ أَمۡرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ ١٤
කුහකයෝ දේව විශ්වාසීන් අමතා, ‘ඉස්ලාමය තුළත් අවනත වීමේදීත් අපි නුඹලා සමග නොසිටියෙම් දැ?’යි විමසා සිටියෝය. එවිට මුස්ලිම්වරුන් ඔවුනට ‘එසේය, නුඹලා අප සමග සිටියෙහුය. නමුත් නුඹලා කුහකත්වය හේතුවෙන් අර්බුධ ඇති කළෙහුය. නුඹලා එය විනාශ කළෙහුය. දේව විශ්වාසීන් පරාජය වීම නුඹලා බලාපොරොත්තු වූහ. එවිට නුඹලාගේ දේව ප්රතික්ෂේපය නුඹලා හෙළි කළහ. දේව විශ්වාසීන්ට හිමිවන අල්ලාහ්ගේ උදව්ව ගැන ද මිය ගිය පසු යළි අවදි කරනු ලැබීම ගැන ද නුඹලා සැක කළෙහුය. නුඹලාට මරණය පැමිණෙන තෙක් බොරු අභිලාෂයන් නුඹලා ව රවටා දැමීය. ඒ මතම නුඹලා රැඳී සිටියෙහුය. අල්ලාහ් පිළිබඳව ෂෙයිතාන් නුඹලා රවටා දැමීය.' යැයි පවසති.