Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 16

۞ أَلَمۡ يَأۡنِ لِلَّذِينَ ءَامَنُوٓاْ أَن تَخۡشَعَ قُلُوبُهُمۡ لِذِكۡرِ ٱللَّهِ وَمَا نَزَلَ مِنَ ٱلۡحَقِّ وَلَا يَكُونُواْ كَٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلُ فَطَالَ عَلَيۡهِمُ ٱلۡأَمَدُ فَقَسَتۡ قُلُوبُهُمۡۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ ١٦
ශුද්ධ වූ අල් කුර්ආනය මෙනෙහි කිරීම හේතුවෙන් ද අල් කුර්ආනනයෙහි පහළ වු ප්රතිඥා හා අවවාද හේතුවෙන් ද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුනට ඔවුන්ගේ හදවත් තැන්පත් කරන, එය සැනසීමට පත් කරන වේලාවක් නොපැමිණියේද? ඔවුහු තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් මෙන් සිත් තුළ දැඩිභාවය ඇත්තන් මෙන් නොවෙති. එය ඔවුන් අතර හා එවනු ලැබූ ඔවුන්ගේ නබිවරුන් අතර දිගු කාලයක් ගෙවී යත්ම ඒ හේතුවෙන් ඔවුන්ගේ හදවත් ගල් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ්ට අවනත වීමෙන් දුරස් වී පාපකම් වෙත බැහැර ව ගිය අය වෙති.