Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 27

ثُمَّ قَفَّيۡنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِرُسُلِنَا وَقَفَّيۡنَا بِعِيسَى ٱبۡنِ مَرۡيَمَ وَءَاتَيۡنَٰهُ ٱلۡإِنجِيلَۖ وَجَعَلۡنَا فِي قُلُوبِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ رَأۡفَةٗ وَرَحۡمَةٗۚ وَرَهۡبَانِيَّةً ٱبۡتَدَعُوهَا مَا كَتَبۡنَٰهَا عَلَيۡهِمۡ إِلَّا ٱبۡتِغَآءَ رِضۡوَٰنِ ٱللَّهِ فَمَا رَعَوۡهَا حَقَّ رِعَايَتِهَاۖ فَـَٔاتَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ مِنۡهُمۡ أَجۡرَهُمۡۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ ٢٧
පසුව තම සමූහයාට සත්ය පැහැදිලි කර දෙනු පිණිස අපි අපගේ දූතවරුන් අනුපිළිවෙලින් යැව්වෙමු. ඒ අතර මර්යම්ගේ පුත් ඊසා ව ද යැව්වෙමු. ඔහුට ඉන්ජීලය අපි පිරිනැමුවෙමු. ඔහු ව විශ්වාස කොට අනුගමනය කළවුන්ගේ හදවත් තුළ සෙනෙහස හා කරුණාව අපි ඇති කළෙමු. ඒ අනුව ඔවුන් එකිනෙකා අතර සෙනෙහසින් හා කරුණාවෙන් කටයුතු කරන්නන් වූහ. නමුත් ඔවුන්ගේ දහම තුළ ඉක්මවා යමින් ඔවුහු අලුත් දෑ එකතු කළෝය. ඔවුනට අල්ලාහ් අනුමත කළ විවාහය හා ඇතැම් වින්දනයන් අතහැර දැමූහ. එය අපි ඔවුන්ගෙන් නොපැතුවෙමු. දහම තුළ එවන් දෑ අලුතින් නිර්මාණය කර ගනිමින් අනිවාර්යය කර ගත්තේ ඔවුන් විසින්මය. සැබැවින්ම අපි ඉල්ලා සිටියේ අල්ලාහ්ගේ තෘප්තිය අනුගමනය කරන මෙන් පමණය. නමුත් ඔවුන් එසේ කටයුතු නො කළෝය. ඔවුන් අතර විශ්වාස කළවුන්ට ඔවුන්ගේ කුසල් අපි පිරිනැමුවෙමු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන් වෙත තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ගෙන ආ දෑ බොරු කරමින් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවෝය.