Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 4

هُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يَعۡلَمُ مَا يَلِجُ فِي ٱلۡأَرۡضِ وَمَا يَخۡرُجُ مِنۡهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعۡرُجُ فِيهَاۖ وَهُوَ مَعَكُمۡ أَيۡنَ مَا كُنتُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ٤
දින හයකින් අහස් හා මහපොළොව මැව්වේ ඔහුය. එය ඉරු දින ආරම්භ වී සිකුරාදා දින අවසන් විය. ඇසි පිළි ගැසීමටත් වඩා අඩු කාලයකින් ඒ දෙක මවන්නට ඔහු බලය ඇත්තා විය. පසු ව ඉහළට ආරෝහණය වී ඔහුට ගැළපෙන පරිදි අර්ෂ් මත ඉහළින් ස්ථාපිත විය. මහපොළොවට ඇද හැළෙන වර්ෂාව, එහි සිටුවනු ලබන බීජ හා ඒ තුළට බසින දෑ එයින් හට ගන්නා භෝග, ඛණිජ හා වෙනත් දෑ අහසින් පහළ වන වර්ෂාව, දේව පණිවිඩ හා වෙනත් දෑ ඒ තුළට ආරෝහණය වන මලක්වරුන්, ගැත්තන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ ප්රාණ යනාදී සියලු දෑ ගැන ඔහු දනී. අහෝ ජනයිනි! නුඹලා කොතැනක සිටියත් ඔහුගේ දැනුමෙන් ඔහු නුඹලා සමගම සිටී. නුඹලා අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ ඔහු සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.