Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 7

ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَأَنفِقُواْ مِمَّا جَعَلَكُم مُّسۡتَخۡلَفِينَ فِيهِۖ فَٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَأَنفَقُواْ لَهُمۡ أَجۡرٞ كَبِيرٞ ٧
නුඹලා අල්ලාහ්ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කරනු. අල්ලාහ් නුඹලාව නියෝජිතයින් බවට පත් කළ ධනයෙන් නුඹලා වියදම් කරනු. නුඹලාට ආගමානුගත කළ පරිදි එහි නුඹලා ගනුදෙනු කරනු. එහෙයින් නුඹලා අතරින් අල්ලාහ්ව විශ්වාස කොට තම ධනයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළවුන් වනාහි, ඔවුනට ඔහු අබියස අති මහත් තිළිණ ඇත. එය ස්වර්ග උයනයි.