Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 10

إِنَّمَا ٱلنَّجۡوَىٰ مِنَ ٱلشَّيۡطَٰنِ لِيَحۡزُنَ ٱلَّذِينَ ءَامَنُواْ وَلَيۡسَ بِضَآرِّهِمۡ شَيۡـًٔا إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ١٠
සැබැවින්ම පාපකම, සතුරුකම හා දූතයාණන්ට විරුද්ධවීම යනාදී කරුණු ඇතුළත් රහසිගත සාකච්ඡා වනාහි ෂෙයිතාන් විසින් තම මිතුරන් සඳහා අලංකරණය කරන ලද හා කුකුස් ඇති කරන ලද්දක් වේ. එය සැබැවින්ම දේව විශ්වාසීන්ට සමීප ව සිට ඔවුනට දුක ගෙන දෙනු පිණිසය. ෂෙයිතාන් හෝ ඔහුගේ අලංකරණය අල්ලාහ්ගේ අභිමතය හා කැමැත්ත නොමැති ව කිසිවකින් දේව විශ්වාසීන්ට හානියක් ඇති නොවන්නේය. තවද දේව විශ්වාසීන් ඔවුන්ගේ සියලු කටයුතු වලදී අල්ලාහ් මත රැඳී සිටිති.