Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 14

۞ أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ تَوَلَّوۡاْ قَوۡمًا غَضِبَ ٱللَّهُ عَلَيۡهِم مَّا هُم مِّنكُمۡ وَلَا مِنۡهُمۡ وَيَحۡلِفُونَ عَلَى ٱلۡكَذِبِ وَهُمۡ يَعۡلَمُونَ ١٤
අහෝ දූතය! ප්රතික්ෂේපය හා පිටුපෑම හේතුවෙන් අල්ලාහ්ගේ කෝපයට ලක් වූ යුදෙව්වන් තම මිතුරන් ලෙස ගත් කුහකයින් නුඹ නොදුටුවෙහි ද? එම කුහකයින් දේව විශ්වාසීන් සමගත් නැත. යුදෙව්වන් සමගත් නැත. ඔවුහු ඔවුන් වෙතත් මොවුන් වෙතත් කට්ටිපනිමින් කටයුතු කරති. සැබැවින්ම තමන් මුස්ලිම්වරුන් බවත් මුස්ලිම්වරුන්ගේ තොරතුරු යුදෙව්වන්ට දන්වා නොසිටින බවත් සහතික කර පවසති. නමුත් ඔවුන්ගේ දිවුරුමෙහි ඔවුන් බොරුකාරයෝය.