Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 16

ٱتَّخَذُوٓاْ أَيۡمَٰنَهُمۡ جُنَّةٗ فَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ فَلَهُمۡ عَذَابٞ مُّهِينٞ ١٦
දේව ප්රතික්ෂේපය හේතුකොට ගෙන තමන් ඝාතනය කරනු ලැබීමට බියෙන් දිවුරා පවසන්නට ගත්තෝය. ඔවුන්ගේ රුධිරය හා ඔවුන්ගේ ධනය ඔවුන් ආරක්ෂා කරනු පිණිස එසේ දිවුරා ඔවුන් ඉස්ලාමය මතුපිටින් පෙන්වීය. මුස්ලිම්වරුන් අධෛර්යට පත් කිරීමටත්, ඔවුන් දුර්වල කිරීමටත්, ඔවුන් කටයුතු කරමින් සිටි බැවින් ඔවුන් මිනිසුන් වෙනතකට යොමු කරන්නට තැත් කළෝය. ඔවුන් අවමානයට හා අපහාසයට පත් කරන නින්දනීය දඬුවමක් ඔවුනට ඇත.