Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 2

ٱلَّذِينَ يُظَٰهِرُونَ مِنكُم مِّن نِّسَآئِهِم مَّا هُنَّ أُمَّهَٰتِهِمۡۖ إِنۡ أُمَّهَٰتُهُمۡ إِلَّا ٱلَّٰٓـِٔي وَلَدۡنَهُمۡۚ وَإِنَّهُمۡ لَيَقُولُونَ مُنكَرٗا مِّنَ ٱلۡقَوۡلِ وَزُورٗاۚ وَإِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٞ ٢
ජනයා අතරින් කිසිවෙකු තම බිරියට ‘ඔබ මට මාගේ මවගේ පිටට සමානය’ යැයි පවසමින් ‘ළිහාර්’ (අඹු සැමි ඇසුරෙන් ඈත් වන බවට) පවසා සිටන්නන් වනාහි, ඔවුන්ගේ එම ප්රකාශයේ ඔවුන් බොරු පවසා ඇත. ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ මව්වරුන් මෙන් නැත. සැබැවින්ම ඔවුන්ගේ මව්වරුන් ඔවුන් බිහිකළ අය වෙති. සැබැවින්ම ඔවුන් එම ප්රකාශය පවසන විට ප්රකාශ කරන ඇත්තේ බරපතල ප්රකාශයක් මෙන්ම අසත්යය ප්රකාශයකි. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. එහෙයින් ඔවුන් පාපයෙන් පිරිසිදු කිරීම සඳහා ප්රතිකර්මයක් ඔහු ඔවුනට ආගමානුගත කළේය.