Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 22

لَّا تَجِدُ قَوۡمٗا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ يُوَآدُّونَ مَنۡ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوۡ كَانُوٓاْ ءَابَآءَهُمۡ أَوۡ أَبۡنَآءَهُمۡ أَوۡ إِخۡوَٰنَهُمۡ أَوۡ عَشِيرَتَهُمۡۚ أُوْلَٰٓئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ ٱلۡإِيمَٰنَ وَأَيَّدَهُم بِرُوحٖ مِّنۡهُۖ وَيُدۡخِلُهُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ رَضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ أُوْلَٰٓئِكَ حِزۡبُ ٱللَّهِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡمُفۡلِحُونَ ٢٢
අහෝ දූතය! අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූ සතුරන් ප්රිය කරන, ඔවුන් සමීප ඇසුරට ගන්නා අල්ලාහ්ව විශ්වාස කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන පිරිසක් නුඹ නොදකිනු ඇත. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූ සතුරන් ඔවුන්ගේ පියවරුන් වුව ද, ඔවුන්ගේ දරුවන් වුව ද, ඔවුන්ගේ සහෝදරයන් වුව ද, ඊට අදාළ ඔවුන්ගේ සමීප ඥාතීන් වුව ද එසේමය. ඊට හේතුව සැබැවින්ම දේව විශ්වාසය වනාහි, එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට සතුරු වූවන් සමග සම්බන්ධකම් පැවැත්වීම වළක්වාලන බැවිණි. එමෙන්ම දේව විශ්වාසයේ සම්බන්ධතාව සෙසු සියලුම සම්බන්ධතාවන්ට වඩා උසස් වන බැවණි. විරුද්ධවන අවස්ථාවේ එයට ප්රමුඛත්වය දිය යුතු වන්නේය. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට සතුරුවූවන් -ඔවුන්ගේ සමීප ඥාතීන් වුවද- මිතුරන් ලෙස නොගත් අය වනාහි, ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් දේව විශ්වාසය ස්ථාපිත කළේය. එහෙයින් වෙනසක් සිදු නොවනු ඇත. ඔහුගෙන් වූ පැහැදිළි සාධක හා ආලෝකය මගින් ඔහු ඔවුන් ශක්තිමත් කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග මාලිගා හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් උසස් ඝණයේ උයන්වලට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. එහි ඇති සුවපහසුකම් කිසිවිටක විසන්ධි වන්නේ නැත. ඒවා විනාශ වී යන්නේ ද නැත. අල්ලාහ් ඔවුන් පිළිගත්තේය. එය ඉන් පසු කිසිවිටෙක ඔවුන් සමග කෝප නොවන පිළිගැනීමකි. ඔවුනට පිරිනැමූ අහිමි වී නොයන සැප පහසුකම් වෙනුවෙන් ඔවුහු ද ඔහු ව පිළිගත්තෝය. ඔහු ව දැකීම ද ඒ අතරින් එකකි. සඳහන් කරනු ලැබූ දැයින් වර්ණනා කරනු ලැබූ මොවුහු, අල්ලාහ්ගේ නියෝග පිළිපදමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් කටයුතු කළ අල්ලාහ්ගේ සේනාව වන්නේය. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ සේනාව වන ඔවුහුමය මෙලොවෙහි හා මතුලොවෙහි ඔවුනට අත්වන බිහිසුණු දෙයින් මිදීමෙන් හා ඔවුන් අපේක්ෂා කරන දෑ ලබමින් ජයග්රහණය ලැබූවන් වන්නේ.