Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 4

فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ شَهۡرَيۡنِ مُتَتَابِعَيۡنِ مِن قَبۡلِ أَن يَتَمَآسَّاۖ فَمَن لَّمۡ يَسۡتَطِعۡ فَإِطۡعَامُ سِتِّينَ مِسۡكِينٗاۚ ذَٰلِكَ لِتُؤۡمِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦۚ وَتِلۡكَ حُدُودُ ٱللَّهِۗ وَلِلۡكَٰفِرِينَ عَذَابٌ أَلِيمٌ ٤
නුඹලා අතරින් කිසිවෙකුට හෝ එසේ නිදහස් කළ හැකි කාන්තාවක් නොලැබුවේ නම් තමන් ලිහාර් කළ බිරිය සමග අඹු සැමි ඇසුරෙහි නිරත වීමට පෙර අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුයි. අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත වීමට හැකියාවක් නොමැත්තා, ඔහු දුප්පතුන් හැට දෙනෙකුට ආහාරය සැපයිය යුතුයි. අප මෙම තීන්දුව නියම කර ඇත්තේ සැබැවින්ම එය අල්ලාහ් නියෝග කළ බවට නුඹලා විශ්වාස කොට එම නියෝගය නුඹලා විසින් පිළිපැද ඔහුගේ දූතයාණන් අනුගමනය කිරීමටය. අපි නුඹලාට ආගමානුගත කළ නීතිරීති අල්ලාහ් තම ගැත්තන්හට නියම කළ සීමාවන් වේ. එබැවින් නුඹලා ඒවා කඩ නොකරනු. අල්ලාහ්ගේ නීතිය හා ඔහු නියම කළ සීමාවන් ප්රතික්ෂේප කරන්නන් හට වේදනීය දඬුවමක් ඇත.