Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 2

هُوَ ٱلَّذِيٓ أَخۡرَجَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن دِيَٰرِهِمۡ لِأَوَّلِ ٱلۡحَشۡرِۚ مَا ظَنَنتُمۡ أَن يَخۡرُجُواْۖ وَظَنُّوٓاْ أَنَّهُم مَّانِعَتُهُمۡ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنۡ حَيۡثُ لَمۡ يَحۡتَسِبُواْۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَۚ يُخۡرِبُونَ بُيُوتَهُم بِأَيۡدِيهِمۡ وَأَيۡدِي ٱلۡمُؤۡمِنِينَ فَٱعۡتَبِرُواْ يَٰٓأُوْلِي ٱلۡأَبۡصَٰرِ ٢
අල්ලාහ් ව ප්රතික්ෂේප කළ, ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව බොරු කළ බනූ නළීර් නම් ගෝත්රය මදීනාවේ සිට එහි පිහිටි ඔවුන්ගේ නිවෙස්වලින් සිරියාව දක්වා ප්රථම වරට පිටුවහල් කළේ ඔහුය. ඔවුන් තව්රාතය හිමි යුදෙව් පිරිසක් විය. ඔවුන් ඔවුන්ගේ ගිවිසුම කඩ කිරීමෙන් හා දෙවියන්ට ආදේශ කරන්නන් සමග එක් ව කටයුතු කිරීමෙන් පසුව, ඔවුන්ව සිරියා දේශයට ඔහු පිටුවහල් කළේය. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! ඔවුන් සතු උඩඟුකම හා සම්පත් හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර වී යනු ඇතැයි නුඹලා නො සිතුවෙහුය. එමෙන්ම ඔවුන් ශක්තිමත්ව ඉදි කළ ඔවුන්ගේ බලකොටු අල්ලාහ්ගේ දඬුවමින් හා විනාශයෙන් ඔවුන් වළක්වනු ඇතැයි නුඹලා සිතුවෙහුය. නමුත් අල්ලාහ් ඔවුන් සමග සටන් කරන මෙන් ද ඔවුන්ගේ නිවෙස්වලින් බැහැර කරන මෙන් ද ඔහුගේ දූතයාණන්ට නියෝග කළ අවස්ථාවේ එම දඬුවම ඔවුනට සැලසුම් කරනු නොලැබූ තත්ත්වයේ ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් දැඩි බියක් ඇති කළේය. ඔවුන් ඔවුන්ගේ දෑතින් මුස්ලිම්වරුන් ඔවුන්ගේ නිවෙස් තුළින් ප්රයෝජන නොලබන පරිදි එහි ඇතුළත තිබූ ඔවුන්ගේ නිවෙස් කඩා බිඳ දැම්මෝය. මුස්ලිම්වරු එහි පිටත ඇති දෑ විනාශ කර දැම්මෝය. අහෝ දැක්මක් ඇත්තනි! ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුනට අත් වූ ඉරණමෙන් නුඹලා උපදෙස් ලබනු. එහෙයින් නුඹලා ඔවුන් මෙන් නොවනු. එවිට ඔවුන් කවර දඬුවමකින් දඬුවම් කරනු ලැබුවේ ද ඔවුන්ගේ එම දඬුවම හා ප්රතිවිපාකය නුඹලා අත් කර ගනු ඇත.