Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 21

لَوۡ أَنزَلۡنَا هَٰذَا ٱلۡقُرۡءَانَ عَلَىٰ جَبَلٖ لَّرَأَيۡتَهُۥ خَٰشِعٗا مُّتَصَدِّعٗا مِّنۡ خَشۡيَةِ ٱللَّهِۚ وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ٢١
අහෝ ධර්ම දූතය! මෙම අල් කුර්ආනය කන්දක් මත පහළ කළේ නම් එහි ඇති දැඩි උපදෙස් හා බලවත් අවවාද නිසාවෙන්, කන්ද බලවත්ව තිබුණ ද අල්ලාහ් කෙරෙහි පවත්නා දැඩි භීතිය හේතුවෙන් කම්පනයට පත්ව යටත් වනු නුඹ දකිනු ඇත. අප මෙම උදාහරණ ජනයාට ගෙන හැර පානුයේ ඔවුන්ගේ බුද්ධිය ඔවුන් ක්රියා කරවා එම පාඨවල අන්තර්ගතව ඇති උපදෙස් හා පාඩම් තුළින් උපදෙස් ලබන පිණිසය.