Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mumtahanah — Ayah 3

لَن تَنفَعَكُمۡ أَرۡحَامُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡۚ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَفۡصِلُ بَيۡنَكُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ٣
දේවත්වය ප්රතික්ෂේප කළවුන් සමග නුඹලා සම්බන්ධකම් පවත් වන්නේ නම් ඔවුන් හේතුවෙන් නුඹලාගේ ඥාතීත්වය හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාට ප්රයෝජනවත් වන්නේම නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් නුඹලා අතර වෙන් කරනු ඇත. එවිට ඔවුන් අතරින් ස්වර්ගවාසීන් ස්වර්ගයට පිවිසෙති. නිරා වාසීන් නිරයට පිවිසෙති. නුඹලා අතරින් කිසිවෙක් කිසිවෙකුට හෝ ප්රයෝජනවත් නොවනු ඇත. සැබැවින්ම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ අල්ලාහ් නිරීක්ෂා කරන්නාය. නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිවක් ශුද්ධ වූ අල්ලාහ්ට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.