Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah As-Saf — Ayah 5

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ لِمَ تُؤۡذُونَنِي وَقَد تَّعۡلَمُونَ أَنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡۖ فَلَمَّا زَاغُوٓاْ أَزَاغَ ٱللَّهُ قُلُوبَهُمۡۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ٥
අහෝ දූතය! ‘සැබැවින්ම මම නුඹලා වෙත එවන ලද අල්ලාහ්ගේ දූතයා බව නුඹලා දැන දැනම මාගේ නියෝගයට විරුද්ධ ව කටයුතු කරමින් මා වේදනාවට පත් කරනුයේ ඇයි?’ දැයි මූසා තම සමූහයාගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුන් වෙත කවර සත්යයක් පැමිණියේ ද එයින් ඔවුන් හැරී, වෙනතකට නැඹුරු වූ කල්හි අල්ලාහ් ද ඔවුන්ගේ හදවත් සත්යයෙන් හා නිවැරදි මාර්ගයෙන් වෙනතකට යොමු වන්නට ඉඩ හැරියේය. අල්ලාහ් ඔහුට අවනත වීමෙන් බැහැර වූ ජනයාට සත්යය සඳහා ආශිර්වාද නොකරනු ඇත.