Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Munafiqun — Ayah 11

وَلَن يُؤَخِّرَ ٱللَّهُ نَفۡسًا إِذَا جَآءَ أَجَلُهَاۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ١١
කිසිදු ආත්මයක් එහි නියමත වේලාව පැමිණ එහි ආයුකාලය අවසන් වූ විට ශුද්ධවන්තයාණන් අල්ලාහ් ප්රමාද කරන්නේ නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ තොරතුරු ඔහු මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් නම්, යහපතය. එය අයහපත් නම්, අයහපතය.