Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Munafiqun — Ayah 9

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُلۡهِكُمۡ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡ عَن ذِكۡرِ ٱللَّهِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٩
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ සම්පත් හා නුඹලාගේ දරුවන් සලාතයෙන් හා වෙනත් ඉස්ලාමයේ වගකීම්වලින් නුඹලා වෙනතකට යොමු නොකළ යුතුයි. අල්ලාහ් අනිවාර්යය කළ සලාතය හා වෙනත් දැයින් තම ධන සම්පත් හා දරුවන් තමන් වෙනතකට යොමු කරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් හා තම පවුලේ අය අලාභහානියට පත් කර ගත් සැබෑ අලාභවන්තයින් වන්නේ ඔවුහුමය.