Ruwwad Center

Ayah by Ayah

Tags

Download Links

Ruwwad Center translation for Surah Al-Ahqaf — Ayah 15

46:15
وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ إِحۡسَٰنًاۖ حَمَلَتۡهُ أُمُّهُۥ كُرۡهٗا وَوَضَعَتۡهُ كُرۡهٗاۖ وَحَمۡلُهُۥ وَفِصَٰلُهُۥ ثَلَٰثُونَ شَهۡرًاۚ حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرۡبَعِينَ سَنَةٗ قَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَصۡلِحۡ لِي فِي ذُرِّيَّتِيٓۖ إِنِّي تُبۡتُ إِلَيۡكَ وَإِنِّي مِنَ ٱلۡمُسۡلِمِينَ ١٥
තවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතුව ඉසිලුවා ය. තවද දුෂ්කරත්වයෙන් යුතුව ඇය ඔහු ප්‍රසූත කළා ය. ඔහුව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත්ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපතියාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා මා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්‍යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන් ම මම පාප සමාව අයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන් ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතරිනි යැයි ඔහු පැවසුවේ ය.