Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Ash-Shu'ara — Ayah 227

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِيرٗا وَٱنتَصَرُواْ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْۗ وَسَيَعۡلَمُ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَيَّ مُنقَلَبٖ يَنقَلِبُونَ ٢٢٧
නමුත් එම කවිවරුන් අතරින් හස්සාන් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා වැනි අල්ලාහ් ව විශ්වාස කරමින්, දැහැමි ක්රියාවන් සිදු කරමින්, අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කරමින්, අල්ලාහ්ගේ සතුරන් ඔවුනට අපරාධ සිදු කළ පසු ව එම අපරාධ කළවුනට එරෙහි ව උදව් ලැබූවන් හැර. අල්ලාහ්ට ආදේශ තබා ඔහුගේ ගැත්තන් මත පමණක් ඉක්මවා කටයුතු කරන්නන් වනාහි ඔවුන් කවර තැනකට වෙත යොමු වන්නේ දැයි මතු දැන ගනු ඇත. ඒ අනුව ඔවුන් ඉතා බිහිසුණු ස්ථානයක් වෙත හා ඉතා තියුණු විනිශ්චයක් වෙත යොමු කරනු ලබනු ඇත.