Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Fussilat — Ayah 44

وَلَوۡ جَعَلۡنَٰهُ قُرۡءَانًا أَعۡجَمِيّٗا لَّقَالُواْ لَوۡلَا فُصِّلَتۡ ءَايَٰتُهُۥٓۖ ءَا۬عۡجَمِيّٞ وَعَرَبِيّٞۗ قُلۡ هُوَ لِلَّذِينَ ءَامَنُواْ هُدٗى وَشِفَآءٞۚ وَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ فِيٓ ءَاذَانِهِمۡ وَقۡرٞ وَهُوَ عَلَيۡهِمۡ عَمًىۚ أُوْلَٰٓئِكَ يُنَادَوۡنَ مِن مَّكَانِۭ بَعِيدٖ ٤٤
අල් කුර්ආනය අරාබි නොවන බසකින් අපි පහළ කළේ නම් ඔවුන් අතර සිටින දේව ප්රතික්ෂේපකයෝ, ‘මෙම පාඨ අපට වැටහෙන පරිදි පහැදිළි කළ යුතු නොවේ ද? අල් කුර්ආනය ගෙන ආ තැනැත්තා අරාබිවරයකු ලෙස සිටිය දී අල් කුර්ආනය අරාබි නොවන බසකින් වන්නේ ද?’ යැයි විමසා සිටිති. අහෝ දූතය! ඔවුනට නුඹ මෙසේ පවසනු. "අල් කුර්ආනය වනාහි,-අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයා සත්යය බව පිළිගත්තන්හට- නොමගින් යහමඟ පෙන්වන්නකි. හදවත් තුළ ඇති අඥාන කමට හා එය පසුපසින් හඹා එන දෑට සුවයකි. අල්ලාහ්ව විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුන්ගේ කන්වල බිහිරිභාවය ඇත. එය ඔවුනට අන්ධභාවයකි. එය වටහා නොගනිති. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලබන්නෝ දුරක සිට ඇරයුම් කරනු ලබන්නන් මෙනි. එවිට එම ඇරයුම කරන්නාගේ හඬට ඔවුන් සවන් දිය හැක්කේ කෙසේද?