Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Muhammad — Ayah 38

هَٰٓأَنتُمۡ هَٰٓؤُلَآءِ تُدۡعَوۡنَ لِتُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبۡخَلُۖ وَمَن يَبۡخَلۡ فَإِنَّمَا يَبۡخَلُ عَن نَّفۡسِهِۦۚ وَٱللَّهُ ٱلۡغَنِيُّ وَأَنتُمُ ٱلۡفُقَرَآءُۚ وَإِن تَتَوَلَّوۡاْ يَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ ثُمَّ لَا يَكُونُوٓاْ أَمۡثَٰلَكُم ٣٨
අහෝ නුඹලා! අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලාගේ වස්තුවෙන් කොටසක් වියදම් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නෙහුය. නුඹලාගේ සියලුම වස්තුව වියදම් කරන මෙන් ඔහු නුඹලාගෙන් ඉල්ලා නොසිටියි. නමුත් නුඹලා අතරින් වියදම් කිරිමට මසුරු වී එය වළක්වන පිරිසක් ද ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීමට කවරෙකු මසුරු වන්නේ ද සැබැවින්ම ඔහු එසේ මසුරු වනුයේ වියදම් කිරීමෙන් හිමි වන කුසල් අහිමි කර ගනිමින් තමන්ටම එරෙහිවය. අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. නුඹලා වියදම් කිරීම ගැන කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. නුඹලා ඔහු වෙත බැගෑපත් වන්නෝ වෙති. නුඹලා ඉස්ලාමයෙන් හැරී නැවතත් දේව ප්රතික්ෂේපය වෙත යොමු වන්නේ නම් ඔහු නුඹලාව විනාශ කොට නුඹලා නොවන වෙනත් සමූහයක් ගෙන එනු ඇත. පසුව ඔවුන් නුඹලා මෙන් නොවෙති. ඔහුට අවනත වන්නන් ලෙස කටයුතු කරනු ඇත.