Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Muhammad — Ayah 4

فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ فَضَرۡبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثۡخَنتُمُوهُمۡ فَشُدُّواْ ٱلۡوَثَاقَ فَإِمَّا مَنَّۢا بَعۡدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلۡحَرۡبُ أَوۡزَارَهَاۚ ذَٰلِكَۖ وَلَوۡ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنۡهُمۡ وَلَٰكِن لِّيَبۡلُوَاْ بَعۡضَكُم بِبَعۡضٖۗ وَٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعۡمَٰلَهُمۡ ٤
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! දෙවියන් ප්රතික්ෂේප කරන ප්රචණ්ඩකාරී සතුරන් යුද පිටියේ නුඹලා හමු වූ විට, නුඹලාගේ අසපතින් ඔවුන්ගේ ගෙලවල් සිඳ දමනු. ඔවුන්ගේ මරණ සංඛ්යාව නුඹලා අධික කරන තෙක් ඔවුන් සමග යුද්ධ කරමින්ම සිටිනු. ඔවුන්ගේ බලය හීන කරනු. ඔවුන් අතර මිය ගිය ඇත්තන් නුඹලා අධික කළ විට සිරකරුවන් තදින් හසුකර ගනු. නුඹලා ඔවුන් සිරකරුවන් ලෙස ගත් විට යහපත මුල් කර ගනිමින් ඔවුන්ගෙන් වන්දියක් නොලබා නිදහස් කිරීම හෝ ඔහු වෙනුවට මුදලක් හෝ වෙනත් පුද්ගලයකු හෝ වන්දි වශයෙන් ලබා නිදහස් කිරීම යන කරුණු දෙකින් එකක් තෝරා අනුග්රහය දැක්වීමේ නිදහස ඇත. යුද්ධය දේව ප්රතික්ෂේපකයින් යටත් කිරීමෙන් හෝ ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගැනීමෙන් අවසන් වන තුරු නුඹලා ඔවුන් සමග සටන් වැදීම හා ඔවුන් සිරගත කිරීම දිගටම සිදු කරනු. දේව ප්රතික්ෂේපකයින් තුළින් දේව විශ්වාසීන් පරීක්ෂණයට භාජනය වීම, මෙවන් දිනයන් මාරුවෙන් මාරුව පැවතීම, ඇතැමෙක් ඇතමෙකු ජය ගැනීම යනාදී කරුණු අල්ලාහ්ගේ තීන්දුවය. කිසිදු යුද්ධයකින් තොර ව දේව ප්රතික්ෂේපකයින්ගෙන් ජය ලබා දෙන්නට අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන්ගෙන් ජය ලබා දෙනු ඇත. නමුත් නුඹලා එකිනෙකා පරීක්ෂා කරනු පිණිස ජිහාද් හෙවත් කැප වීම ආගමානුගත කළේය. දේව විශ්වාසීන් අතරින් සටන් කරන්නන් හා සටන් නොකරන්නන් ඔහු පරීක්ෂා කරයි. දේව විශ්වාසියා තුළින් දේව ප්රතික්ෂේපකයා ද පරීක්ෂාවට ලක් කරයි. දේව විශ්වාසියා මිය ගියේ නම් ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත. ඔහු දේව විශ්වාසියාව ඝාතනය කළේ නම් නිරයට පිවිසෙනු ඇත. තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් අල්ලාහ් නිෂ්ඵල කරන්නේ නැත.