Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 18

۞ لَّقَدۡ رَضِيَ ٱللَّهُ عَنِ ٱلۡمُؤۡمِنِينَ إِذۡ يُبَايِعُونَكَ تَحۡتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمۡ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيۡهِمۡ وَأَثَٰبَهُمۡ فَتۡحٗا قَرِيبٗا ١٨
ගස යට සිට හුදෙයිබියාහි රිල්වාන් ගිවිසුම සම්බන්ධයෙන් නුඹට ප්රතිඥා දුන් දේව විශ්වාසීන් අල්ලාහ්ගේ පිළිගැනීමට ලක්විය. ඔවුන්ගේ සිත් තුළ පවතින දේව විශ්වාසය, අවංකත්වය හා සත්යතාව ඔහු දැන සිටියේය. ඔවුන්ගේ හදවත් මත තැන්පත්භාවය ඔහු පහළ කළේය. ඒ සඳහා වූ ඔවුන්ගේ ප්රතිඵල ඉතා සමීපයෙන් ඇත. එය කයිබර් ජයග්රහණයයි. එය ඔවුන් මක්කාවට පිවිසීමට අතපසු වූ හෙයින් ඒ වෙනුවට ලබා දුන් ජයකි.