Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 29

مُّحَمَّدٞ رَّسُولُ ٱللَّهِۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلۡكُفَّارِ رُحَمَآءُ بَيۡنَهُمۡۖ تَرَىٰهُمۡ رُكَّعٗا سُجَّدٗا يَبۡتَغُونَ فَضۡلٗا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٗاۖ سِيمَاهُمۡ فِي وُجُوهِهِم مِّنۡ أَثَرِ ٱلسُّجُودِۚ ذَٰلِكَ مَثَلُهُمۡ فِي ٱلتَّوۡرَىٰةِۚ وَمَثَلُهُمۡ فِي ٱلۡإِنجِيلِ كَزَرۡعٍ أَخۡرَجَ شَطۡـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسۡتَغۡلَظَ فَٱسۡتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعۡجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلۡكُفَّارَۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِنۡهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمَۢا ٢٩
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හා එතුමා සමග වූ එතුමාගේ මිතුරන් දෙවියන් ප්රතික්ෂේප කරන ප්රචණ්ඩකාරී සතුරන් මත දැඩි ව කටයුතු කරන්නෝ වෙති. ඔවුන් අතර අන්යෝන්ය කරුණාවෙන් හා අන්යෝන්ය දයාලුබවින් කටයුතු කරන්නෝ වෙති. අහෝ අධීක්ෂණයෙන් යුතු ව බලන්නනි! ඔවුන් අල්ලාහ්ට රුකූඃ -තුනටිය නමා නමස්කාර කිරීම ද, සුජූද් -සිරස බිම තබා නමස්කාර කිරීම ද නුඹ දකිනු ඇත. ඔවුන් වෙත සමාව හා ගෞරවනීය කුසල් දානය කරන මෙන් ද ඔවුන්ව පිළිගන්නා මෙන්ද අල්ලාහ්ගෙන් ඔවුහු අයැද සිටිති. ඔවුන්ගේ සළකුණු සලාතයේ ආලෝකය පැහැදිළිව ඉස්මතු වන පරිදි සුජූද්හි සලකුණු ඔවුන්ගේ මුහණෙහි දක්නට ලැබේ. ඔවුන් ගැන මෙසේ කරන ලද විස්තරය මූසා (අලයිහිස් සලාම්) තුමාට පහළ කරනු ලැබූ තව්රාත් ග්රන්ථයේ විස්තර කර ඇත. ඔවුන් උපමා කරමින් ඊසා (අලයිහිස් සලාම්) තුමාට පහළ කරනු ලැබූ ඉන්ජීල් ග්රන්ථයේ සඳහන්ව ඇත්තේ, සැබැවින්ම ඔවුන්ගේ සහය දැක්වීම හා පූර්ණත්වයේ ඔවුන් කුඩාවට හට ගන්නා පැළයක් මෙනි. එය ශක්තිමත් වී වැඩෙයි. එහි ශක්තිමත්භාවය හා පරිපූර්ණත්වය ගැන ගොවියෝ මවිතයට පත් වෙති. ඒ අනුව ඔවුන් අතර පවතින ශක්තිය ස්ථාවරත්වය හා පූර්ණත්වය දේව ප්රතික්ෂේපකයින් දැක ඔවුන් ගැන කෝපය අල්ලාහ් ඇති කරනු පිණිසය. අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළ අනුගාමකියන්ට ඔවුන්ගේ පාපකම් සඳහා සමාව ලබා දෙන බව ද, ඔවුන් වැරදිකරුවන් බවට හසු නොකරන බව ද, ඔහු අභියස අතිමහත් කුසලක් ඇති බව ද එය ස්වර්ගය බව ද ප්රතිඥා දුන්නේය.