Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 8

إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدٗا وَمُبَشِّرٗا وَنَذِيرٗا ٨
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹව, නුඹේ සමූහයා වෙත සාක්ෂි දරන සාක්ෂිකරුවකු ලෙසත් දේව විශ්වාසීන් හට අල්ලාහ් මෙලොවෙහි සූදානම් කර ඇති ජයග්රහණ හා පහසුකම් පිළිබඳ හා මතුලොවෙහි ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති සැපවත් ජීවිතය පිළිබඳ ශුභාරංචි දන්වන්නෙකු ලෙසත් දේව ප්රතික්ෂේපකයින්හට මෙලොව සූදානම් කර ඇති දේව විශ්වාසීන්ගේ අතින් අත්වන පරාජය හා අවමාන ගැන හා මතුළොවෙහි සූදානම් කර ඇති ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවම ගැන බිය ගන්වෙන්නෙකු ලෙසත් අපි නුඹව අවදි කරන්නෙමු.