Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 16

قُلۡ أَتُعَلِّمُونَ ٱللَّهَ بِدِينِكُمۡ وَٱللَّهُ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ١٦
අහෝ දූතය! එම අරාබිවරුන්හට මෙසේ පවසනු. "නුඹලාගේ දහම් පිළිවෙත ගැන නුඹලා අල්ලාහ්ට උගන්වන්නෙහු ද? එය ඔහුට ඒත්තු ගන්වන්නෙහු ද?" අල්ලාහ් අහස්හි ඇති දෑ දනී. මහපොළොවේ ඇති දෑද දනී. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. එහෙයින් නුඹලාගේ දහම් පිළිවෙත නුඹලා ඔහුට දන්වා සිටීමෙහි කිසිදු අවශ්යතාවක් ඔහුට නැත.