Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tur — Ayah 47

وَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ عَذَابٗا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٤٧
දෙවියන්ට ආදේශ කිරීම හා පාපකම් සිදු කිරීම තුළින් තමන්ටම අපරාධකර ගත් අපරාධකරුවන්හට සැබැවින්ම මතුලොව දඬුවමට පෙර දඬුවමක් ඇත. මෙලොවෙහි ඔවුන් ඝාතනය වීමෙන් හා සිරගත වීමෙන් දඬුවම් ලබන අතර මිණීවලෙහි එහි වේදනාවෙන් දඬුවම් ලබනු ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති. ඔවුන් දේව ප්රතික්ෂේපය මත රැඳී සිටිනුයේ එබැවිණි.