Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 23

إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ ٢٣
මෙම පිළිම අර්ථයක් නැති හිස් නාමයන් මිස නැත. දේවත්වයේ ගුණාංගවල ඒවාට කිසිදු කොටසක් නැත. නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබුවේ නුඹලා විසින්මය. ඒවා සඳහා කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. දෙවියන්ට ආදේශ තබන්නන් ඔවුන්ගේ විශ්වාසය තුළ අනුමාන හා ඔවුන්ගේ සිත් තුළ ෂෙයිතාන් අලංකාරවත් කළ දැයින් ඔවුන් ආශා කරන දෑ මිස වෙනකක් පිළිපදින්නේ නැත. ඔවුන්ගේ පරමාධිපති වෙතින් ඔහුගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දිවෙන් ඔවුන් වෙත යහමග පැමිණියේය. නමුත් ඔවුන් එමගින් යහමග ලැබුවේ නැත.