Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 52

وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ ٥٢
ආද් හා සමූද්ගේ ජනයාට පෙර නූහ්ගේ ජනයාව ද අල්ලාහ් විනාශ කළේය. සැබැවින්ම නූහ්ගේ ජනයා දරුණු අපරාධකරුවන් වූහ. ආද් හා සමූද් ජනයාට වඩා සීමාව ඉක්මවා ගියවුන් වූහ. ඊට හේතුව නූහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිට අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඔවුන්ට ඇරයුම් කළේය. නමුත් ඔවුන් ඔහුට පිළිතුරු දුන්නේ නැත.