Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Qamar — Ayah 9

۞ كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ فَكَذَّبُواْ عَبۡدَنَا وَقَالُواْ مَجۡنُونٞ وَٱزۡدُجِرَ ٩
අහෝ දූතය! නුඹේ ඇරයුම බොරු කළ මොවුනට පෙර නූහ්ගේ ජනයා ද ඔහුව බොරු කළෝය. අපගේ ගැත්තෙකු වූ නූහ් අලයිහිස් සලාම් තුමාව ඔවුන් වෙත අප එවූ කල්හි, ඔවුහු අපගේ ගැත්තාව බොරු කළෝය. ඔහු ගැන: ‘ඔහු උම්මත්තකයෙකි’ යැයි ඔවුහු පැවසූහ. ඔවුනට කරන ප්රචාරය ඔහු අත් නොහළ විට බැණ වදිමින්, දොස් නගමින්, තර්ජනය කරමින් ඔවුහු එතුමාට තරවටු කළෝය.