Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 18

إِنَّ ٱلۡمُصَّدِّقِينَ وَٱلۡمُصَّدِّقَٰتِ وَأَقۡرَضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعَفُ لَهُمۡ وَلَهُمۡ أَجۡرٞ كَرِيمٞ ١٨
සැබැවින්ම තම ධනයෙන් කොටසක් දන් දෙන පිරිමින් හා තම ධනයෙන් කොටසක් දන් දෙන කාන්තාවන් වනාහි, ඔවුන් කිසිදු කියා පෑමක් හෝ හිංසාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් තොර ව තම ආත්ම පිරිසිදු භාවයෙන් යුතුව දන් දෙති. ඔවුන්ගේ ක්රියාවන් සඳහා කුසල් ඔවුනට ගුණ කර දෙනු ලැබේ. එක් කුසලක් ඒ හා සමාන කුසල් දහයේ සිට හත්සීය ගුණය දක්වාත්, ඊටත් වඩා වැඩි ගුණයක් දක්වාත් ගුණ කර දෙනු ලැබේ. ඒ සමගම අල්ලාහ් අබියස ගෞරවණීය තිළිණයක් ද ඇත. එය ස්වර්ගයයි.