Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 19

وَٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦٓ أُوْلَٰٓئِكَ هُمُ ٱلصِّدِّيقُونَۖ وَٱلشُّهَدَآءُ عِندَ رَبِّهِمۡ لَهُمۡ أَجۡرُهُمۡ وَنُورُهُمۡۖ وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ ١٩
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ දූතවරුන් ද ඔවුන් අතර කිසිදු වෙනසකින් තොර ව විශ්වාස කළවුන් වනාහි, ඔවුහුමය සත්යවාදීහු. එමෙන්ම ඔවුන්ගේ පරමාධිපති අබියස දිවි පිදූවෝ. ඔවුන් වෙනුවෙන් සූදානම් කරන ලද ගෞරවනීය ප්රතිඵල ඔවුනට සතුය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ඉදිරියේ හා ඔවුනට දකුණතින් දිව යන ඔවුන්ගේ ආලෝකය ද ඔවුනට සතුය. අල්ලාහ්ව හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කොට, අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් බොරුකළවුන් වනාහි, ඔවුන්මය නිරයෝ සගයෝ වන්නේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු එහි පිවිස සදා වෙසෙති. ඉන් බැහැර නොවෙති.