Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 20

ٱعۡلَمُوٓاْ أَنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞ وَزِينَةٞ وَتَفَاخُرُۢ بَيۡنَكُمۡ وَتَكَاثُرٞ فِي ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَوۡلَٰدِۖ كَمَثَلِ غَيۡثٍ أَعۡجَبَ ٱلۡكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَكُونُ حُطَٰمٗاۖ وَفِي ٱلۡأٓخِرَةِ عَذَابٞ شَدِيدٞ وَمَغۡفِرَةٞ مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٞۚ وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا مَتَٰعُ ٱلۡغُرُورِ ٢٠
නුඹලා දැනගනු! සැබැවින්ම මෙලොව ජීවිතය යනු ශරීර සෙල්ලම් කරන කෙළි දෙළකි. හදවත් විනෝදයට පත් වන හාස්යයකි. අලංකාරය ඉස්මතු කර පෙන්වන අලංකාරයකි. බලය හා වස්තුව පිළිබඳ ඔබ අතර පුරසාරම් දොඩන්නකි. අධික ධනය හා අධික දරුවන් තුළින් ඉහවහා යන්නකි. එය ගොවියා ඔහුගේ පැලෑටි දැක පුදුම කරවන වර්ෂාව මෙනි. පසුව මෙම කොළවර්ණැති පැලෑටි වේළී යනු ඇත. අහෝ නිරීක්ෂාවෙන් බලන්නනි! එය කොළපැහැ ගැන්වීමෙන් පසු කහ බවට පත් වනු නුඹ දකිනු ඇත. පසුව එය කඩා දැමිය හැකි කැබැලි බවට අල්ලාහ් පත් කරයි. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා කුහකයින්හට මතුලොවෙහි දැඩි දඬුවමක් ඇත. අල්ලාහ්ගේ විශ්වාසී ගැත්තන්ගේ පාපකම් වලට ඔහුගෙන් වූ සමාව ඇත. එමෙන්ම තෘප්තිය ද ඇත. මෙලොව ජීවිතය යනු පැවැත්මක් නැති ඉතා පහත් බුක්ති විඳීමක් මිස නැත. මතුලොව සුවපහසුකම්වලට වඩා කවරෙකු මෙලොවෙහි පහත් වින්දනය තෝරා ගත්තේද ඔහු ඉතා නින්දිත අලාභවන්තයෙකි.