Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 21

سَابِقُوٓاْ إِلَىٰ مَغۡفِرَةٖ مِّن رَّبِّكُمۡ وَجَنَّةٍ عَرۡضُهَا كَعَرۡضِ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أُعِدَّتۡ لِلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۚ ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ٢١
අහෝ ජනයිනි! නුඹලාගේ පාපකම් සඳහා සමාව ලැබිය හැකි තව්බාව හා ඔහු වෙත සමීප කරවන වෙනත් දැහැමි ක්රියාවන් ඉටු කිරීමට තරග වඳිනු. එමගින් අහස හා පොළොව තරම් විශාලත්වයෙන් යුත් උයනක් නුඹලා ලබනු ඇත. එම ස්වර්ග උයන අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුනට ඔහු සූදානම් කර ඇත්තේය. එම ප්රතිඵලය අල්ලාහ්ගෙන් වූ භාග්යයකි. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට ඔහු පිරිනමයි. ශුද්ධවන්ත අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් හට අතිමහත් සේ භාග්ය දානය කරන්නාය.