Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 25

لَقَدۡ أَرۡسَلۡنَا رُسُلَنَا بِٱلۡبَيِّنَٰتِ وَأَنزَلۡنَا مَعَهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلۡقِسۡطِۖ وَأَنزَلۡنَا ٱلۡحَدِيدَ فِيهِ بَأۡسٞ شَدِيدٞ وَمَنَٰفِعُ لِلنَّاسِ وَلِيَعۡلَمَ ٱللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّ ٱللَّهَ قَوِيٌّ عَزِيزٞ ٢٥
සැබැවින්ම අපි පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි සමග අපගේ දූතවරුන් එව්වෙමු. ඔවුන් සමග දිව්යමය පුස්තක ද පහළ කළෙමු. ඔවුන් සමග නිර්ණායක ද පහළ කළෙමු. එය ජනයා අතර යුක්ති ගරුක ව කටයුතු කිරීම සඳහාය. තවද අපි ඉතා ශක්තිමත් භාවයෙන් යුත් යකඩ ද පහළ කළෙමු. එමගින් ආයුධ තනනු ලැබේ. එමෙන්ම එහි මිනිසාගේ නිර්මාණයන් හා ඒවා වාත්තු කිරීම සඳහා ඔවුනට ප්රයෝජනවත් වන දෑද ඇත. තවද අල්ලාහ් තම ගැත්තන් අතර ගුප්තව සිටිය දී, ඔහුට උදව් කරන්නන් කවුරුන් දැයි ගැත්තන්ගෙන් හෙළිවීම දැන ගැනීම සඳහාය. සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරීය. ශක්තිවන්තය. කිසිවෙකුට ඔහු පරාජය කළ නොහැක. කිසිවක් ඔහුට නොහැකි නොවන්නේය.