Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 24

ٱلَّذِينَ يَبۡخَلُونَ وَيَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبُخۡلِۗ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ٢٤
වියදම් කිරීමට අනිවාර්යය කටයුතු සඳහා වියදම් කිරීමෙන් මසුරු වී, මසුරුකම පිළිබඳ වෙනත් අයටද නියෝග කරන්නන් වනාහි, ඔවුහු පරාජිතයෝ වෙති. අල්ලාහ්ට අවනත වීමෙන් කවරෙකු හැරෙන්නේ ද, ඔහු අල්ලාහ්ට කිසිදු ආකාරයකින් හානියක් ගෙන දෙන්නේ නැත. එසේ හානිකර ගනුයේ ඔහුටමය. සැබැවින්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ඔහුගේ ගැත්තන්ට යටත් වීමට කිසිදු අවශ්යතාවක් නැත. සියලු තත්ත්වයන්හිම ඔහු ප්රශංසනීයය.