Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 18

يَوۡمَ يَبۡعَثُهُمُ ٱللَّهُ جَمِيعٗا فَيَحۡلِفُونَ لَهُۥ كَمَا يَحۡلِفُونَ لَكُمۡ وَيَحۡسَبُونَ أَنَّهُمۡ عَلَىٰ شَيۡءٍۚ أَلَآ إِنَّهُمۡ هُمُ ٱلۡكَٰذِبُونَ ١٨
අල්ලාහ් සියල්ලන් යළි අවදි කරන දින ප්රතිඵල පිරිනැමීම සඳහා ඔවුන් අතරින් කිසිවෙකු අවදි නොකරවා අතහැර දමන්නේ නැත. සැබැවින්ම තමන් දේව ප්රතික්ෂේපයේ හා කුහකත්වයේ නොසිටි බවත්, සැබැවින්ම තමන් අල්ලාහ්ට තෘප්තිය ගෙන දෙන දෑ ඉටු කරන දේව විශ්වාසීන් ලෙස සිටි බවත්, අල්ලාහ්ට දිවුරා පවසති. අහෝ විශ්වාස කළවුනි! සැබැවින්ම තමන් මුස්ලිම්වරුන් යැයි මෙලොවෙහි ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් මතුලොවෙහි ඔහුට ඔවුහු දිවුරා සිටිති. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට දිවුරා සිටින මෙම දිවුරුම තමන්ට යම් යහපතක් ගෙන දෙන හෝ අයහපත තමන්ගෙන් වළක්වන බව සිතති. දැන ගනු! මෙලොවෙහි ඔවුන් කළ දිවුරුමෙහි හා මතුලොව ඔවුන් කළ දිවුරුමෙහි ඔවුන් සැබෑ ලෙසින්ම මුසාවාදීහු වෙති.