Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 19

ٱسۡتَحۡوَذَ عَلَيۡهِمُ ٱلشَّيۡطَٰنُ فَأَنسَىٰهُمۡ ذِكۡرَ ٱللَّهِۚ أُوْلَٰٓئِكَ حِزۡبُ ٱلشَّيۡطَٰنِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱلشَّيۡطَٰنِ هُمُ ٱلۡخَٰسِرُونَ ١٩
ෂෙයිතාන් ඔවුන් මත ආධිපත්යය දැරීය. ඔහුගේ කුකුස හේතුවෙන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ඔවුන්ව වැළැක්වීය. එහෙයින් ඔහු පිළිගන්නා දෑ ඔවුහු නොකළෝය. ඔවුන් සිදු කළේ ඔහුට කෝපය ඇති කරන දෑය. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු ඉබ්ලීස්ගේ සේනාව හා ඔහු ව අනුගමනය කළවුන් වෙති. දැනගනු! සැබැවින්ම ඉබ්ලීස්ගේ සේනාව හා ඔහු ව අනුගමනය කළවුන් වනාහි මෙලොව හා මතුලොව පරාජිතයෝ වෙති. සැබැවින්ම ඔවුන් මුළාව වෙනුවට යහමගත් නිරය වෙනුවට ස්වර්ගයත් විකුණා දැමීය.