Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 6

يَوۡمَ يَبۡعَثُهُمُ ٱللَّهُ جَمِيعٗا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوٓاْۚ أَحۡصَىٰهُ ٱللَّهُ وَنَسُوهُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ٦
අල්ලාහ් ඔවුන් සියලු දෙනා යළි අවදි කරන දිනයෙහි ඔවුන් අතරින් කිසිවෙකුට කිසිදු අසාධාරණයක් ඔහු සිදු නොකරයි. මෙලොවෙහි ඔවුන් සිදු කළ අශීලාචාර ක්රියාවන් පිළිබඳ ඔහු ඔවුනට දන්වා සිටියි. අල්ලාහ් එය ඔවුන් සඳහා සටහන් කර ඇත. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට අතපසු වන්නේ නැත. නමුත් ඔවුහු එය අමතක කළෝය. සුළු හෝ විශාල කිසිදු දෙයක් අත් නොහැර සටහන් කර, ඇති ඔවුන්ගේ වාර්තාවන්හි ලියනු ලැබ තිබීම ඔවුහු දකිති. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ නිරීක්ෂාවෙන් සිටියි. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟවෙන්නේ නැත.