Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 7

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ مَا يَكُونُ مِن نَّجۡوَىٰ ثَلَٰثَةٍ إِلَّا هُوَ رَابِعُهُمۡ وَلَا خَمۡسَةٍ إِلَّا هُوَ سَادِسُهُمۡ وَلَآ أَدۡنَىٰ مِن ذَٰلِكَ وَلَآ أَكۡثَرَ إِلَّا هُوَ مَعَهُمۡ أَيۡنَ مَا كَانُواْۖ ثُمَّ يُنَبِّئُهُم بِمَا عَمِلُواْ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ ٧
සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ දනියි. එමෙන්ම මහපොළොවේ ඇති දෑ ද දනී. ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තිදෙනෙකුගේ රහසිගත කතාවක ඒ ගැන දන්නා සිව්වැන්නා ලෙස අල්ලාහ් සිටියි. එමෙන්ම පස් දෙනෙකුගේ රහසිගත කතාවක ඒ ගැන දන්නා සයවැන්නා ලෙස අල්ලාහ් සිටියි. එම සංඛ්යාව අඩු වුව ද ඊට වඩා වැඩි වුව ද ඔවුන් කොතැනක සිටිය ද ඒ ගැන දැනුවත්ව ඔවුන් සමගම ඔහු සිටියි. ඔවුන්ගේ කිසිදු කතාවක් ඔහුට සැඟවෙන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සිදු කළ දෑ පිළිබඳ සියලු තොරතුරු ඔහු ඔවුනට දන්වා සිටියි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.