Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mujadila — Ayah 8

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نُهُواْ عَنِ ٱلنَّجۡوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُواْ عَنۡهُ وَيَتَنَٰجَوۡنَ بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَمَعۡصِيَتِ ٱلرَّسُولِۖ وَإِذَا جَآءُوكَ حَيَّوۡكَ بِمَا لَمۡ يُحَيِّكَ بِهِ ٱللَّهُ وَيَقُولُونَ فِيٓ أَنفُسِهِمۡ لَوۡلَا يُعَذِّبُنَا ٱللَّهُ بِمَا نَقُولُۚ حَسۡبُهُمۡ جَهَنَّمُ يَصۡلَوۡنَهَاۖ فَبِئۡسَ ٱلۡمَصِيرُ ٨
අහෝ ධර්ම දූතය! යුදෙව්වන් දේවත්වය විශ්වාස කරන අයෙකු දුටු විට රහසිගතව එකිනෙකා කතා කරනු ඔබ නොදුටුවෙහි ද? එසේ රහසින් කතා කිරීම අල්ලාහ් ඔවුනට තහනම් කළේය. ඉන්පසුවත් අල්ලාහ් ඔවුනට තහනම් කළ දෑ වෙත ඔවුහු නැවත යොමු වෙති. ඔවුන් අතර දේවත්වය විශ්වාස කරන ජනයා පිළිබඳ අඩුපාඩුකම් ඔවුනට විරුද්ධ කටයුතු හා දූතයාණන්හට පිටුපෑම වැනි පාපතර රහස් සාකච්ඡාවන්හි ඔවුහු නිරත වෙති. අහෝ ධර්ම දූතය! ඔවුන් නුඹලා වෙත පැමිණි විට අල්ලාහ් නුඹට සුභ නොපතන දැයින් ඔවුහු නුඹට සුභ පතති. එය ඔවුන් ඔබට මරණය අපේක්ෂා කරමින් ‘අස්සාම් අලයික’ යනුවෙන් පවසමිනි. නබි (සල්ලල්ලාහු අලයිහ් වසල්ලම්) තුමාණන්ව බොරු කරමින්, ‘අප පවසන දෑ සඳහා අල්ලාහ් අපට දඬුවම් කළ යුතු නොවේ ද? සැබැවින්ම තමන් නබිවරයෙකු බව ඔහු කරන වාදයෙහි ඔහු සත්යවාදියෙකු නම් ඔහු ගැන අප කතා කරන දෑ හේතුවෙන් අපහට අල්ලාහ් දඬුවම් කරනු ඇතැ’යි හාස්යයෙන් කතා කරති. ඔවුන් පවසා සිටින දෑ සඳහා දඬුවම් වශයෙන් ඔවුනට නිරය ප්රමාණවත් වේ. එහි උෂ්ණය ඔවුහු විදිති. ඔවුන් යොමු වන ස්ථානය ඉතා පිළිකුල් සහගතය.