Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 23

هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۖ هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ ٢٢ هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡمَلِكُ ٱلۡقُدُّوسُ ٱلسَّلَٰمُ ٱلۡمُؤۡمِنُ ٱلۡمُهَيۡمِنُ ٱلۡعَزِيزُ ٱلۡجَبَّارُ ٱلۡمُتَكَبِّرُۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ ٢٣
සැබැවින්ම නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවෙකු නැත. සැඟවී තිබෙන දෑ හා පෙනෙන්නට තිබෙන දෑ පිළිබඳ ඔහු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මෙලොවෙහි හා මතුලොවෙහි දයාන්විතය. ඒ දෙකෙහිම අසමසම කරුණාන්විතය. ලෝ වැසියන් කෙරෙහි වූ ඔහුගේ දයාව පුළුල්ය. ඔහු රජුය. සියලු අඩුපාඩුවලින් පිරිසිදු වූ සුවිශුද්ධවන්තය. සියලු දොස්වලින් නිදොස්ය. පැහැදිලි ප්රාතිහාර්යයන් තුළින් ඔහුගේ දූතයින් සනාථ කර සිටියේය. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් දෙස අධීක්ෂකය. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. සියල්ල ඔහුගේ බලමහිමයෙන් මඩලන්නාය. මහෝදරය. දෙවියන්ට ආදේශ තබන්නෝ පිළිම හා වෙනත් දෑ අතරින් කවර කරුණක් ඔහු සමග ආදේශ කරන්නේ ද එවන් දැයින් අල්ලාහ් පිවිතුරුය. සුවිශුද්ධය.