Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 24

هُوَ ٱللَّهُ ٱلۡخَٰلِقُ ٱلۡبَارِئُ ٱلۡمُصَوِّرُۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ يُسَبِّحُ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢٤
අල්ලාහ් වන ඔහු සියලු දේ මැවූ මැවුම්කරුවාණන්ය. සියලු දෑ උත්පාදනය කරන්නාය. ඔහුගේ සියලු මැවීම් ඔහු අභිමත කරන පරිදි මූර්තිමත් කරන්නාය. සුවිශුද්ධ ඔහුට උසස් ගුණාංග සපිරුණු අලංකාර නාමයන් ඇත. අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියලු අඩුපාඩුවලින් ඔහු ව පිවිතුරු කරයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ආගමානුගත කිරීමෙහි හා නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය.