Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 8

لِلۡفُقَرَآءِ ٱلۡمُهَٰجِرِينَ ٱلَّذِينَ أُخۡرِجُواْ مِن دِيَٰرِهِمۡ وَأَمۡوَٰلِهِمۡ يَبۡتَغُونَ فَضۡلٗا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٗا وَيَنصُرُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلصَّٰدِقُونَ ٨
මෙම වස්තුවෙන් කොටසක් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ -නික්ම ගිය- අය අතර ද බෙදා හරිනු ලැබේ. ඔවුන් වනාහි, ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ දරුවන් අතහැර දැමීමට බල කරනු ලැබුවෝය. ඔවුනට අල්ලාහ් මෙලොවෙහි ජීවන සම්පත් හා මතුලොවෙහි තෘප්තිය ද ආශිර්වාද කරනු ඇතැයි අපේක්ෂා කළෝය. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවෙමින් අල්ලාහ් වෙනුවෙන් උදව් කළ අතර, ඔහුගේ දූතයාණන්ට ද උදව් කළෝය. මෙම ගුණාංගවලින් විස්තර කරනු ලැබූ මොවූහුමය දේව විශ්වාසයේ සැබෑ ලෙසින්ම ස්ථාවරත්වය ලැබූවන් වන්නෝ.