Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 9

وَٱلَّذِينَ تَبَوَّءُو ٱلدَّارَ وَٱلۡإِيمَٰنَ مِن قَبۡلِهِمۡ يُحِبُّونَ مَنۡ هَاجَرَ إِلَيۡهِمۡ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمۡ حَاجَةٗ مِّمَّآ أُوتُواْ وَيُؤۡثِرُونَ عَلَىٰٓ أَنفُسِهِمۡ وَلَوۡ كَانَ بِهِمۡ خَصَاصَةٞۚ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٩
අන්සාර්වරුන් වනාහි, මදීනාවට ගොඩ වැදුණු මුහාජිර්වරුන්ට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීම ඔවුහු තෝරා ගත්තෝය. මක්කාවෙන් නික්ම ඔවුන් වෙත ආ මුහාජිර්වරුන්ට ආදරය කළෝය. යුද්ධයෙන් අත්පත් කර ගත් සම්පත් ඔවුනට ලබා නොදී අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ මුහාජිර්වරුන්ට ලබා දීම සම්බන්ධයෙන් ඔවුන්ගේ හදවත් තුළ කිසිදු ක්රෝධයක් හෝ ඊර්ෂ්යාවක් හෝ නොවීය. ඔවුන් දිළිඳුන් හා අවශ්යතාවෙන් පෙළෙන්නන් යැයි හඳුන්වනු ලැබුව ද ඔවුන් සතු ලෞකික පංගුවෙන් එම මුහාජිර්වරුන්හට ද පිළිගැන්වූහ. ධනය කෙරෙහි වූ ආත්ම ආශාවෙන් අල්ලාහ් කවරෙකු ආරක්ෂා කරන්නේ ද ඔහුගේ මාර්ගයේ ඔහු එය වියදම් කරනු ඇත. තමන්ට අවශ්ය දේ ලබා ගෙන තමන් බියවන දැයින් ආරක්ෂාව ලැබූ ජයග්රහකයෝ ඔවුහුමය.