Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 10

وَٱلَّذِينَ جَآءُو مِنۢ بَعۡدِهِمۡ يَقُولُونَ رَبَّنَا ٱغۡفِرۡ لَنَا وَلِإِخۡوَٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلۡإِيمَٰنِ وَلَا تَجۡعَلۡ فِي قُلُوبِنَا غِلّٗا لِّلَّذِينَ ءَامَنُواْ رَبَّنَآ إِنَّكَ رَءُوفٞ رَّحِيمٌ ١٠
ඔවුනට පසු පැමිණි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් දැහැමි අයුරින් ඔවුන් පිළිපැද්දවුන් වනාහි, ‘අපගේ පරමාධිපතියාණනි! අපහටත් අපට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළ අපගේ පෙරටුගාමීන් හටත් සමාව දෙනු මැනව! අපගේ හදවත් තුළ දෙව් විශ්වාසී කිසිවෙකු සම්බන්ධයෙන් අමනාපයක් හෝ ක්රෝධයක් ඇති නොකරනු මැනව. අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබ ඔබේ ගැත්තන්හට මහා දයාලුය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.’ යැයි ප්රාර්ථනා කරති.