Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 11

۞ أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُواْ يَقُولُونَ لِإِخۡوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَئِنۡ أُخۡرِجۡتُمۡ لَنَخۡرُجَنَّ مَعَكُمۡ وَلَا نُطِيعُ فِيكُمۡ أَحَدًا أَبَدٗا وَإِن قُوتِلۡتُمۡ لَنَنصُرَنَّكُمۡ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ ١١
අහෝ දූතය! දේව ප්රතික්ෂේපය සඟවා, දේව විශ්වාසය මතුපිටින් පෙන්වන කුහකයින් දෙස නුඹ නොබැලුවෙහි ද? විකෘති කරන ලද තව්රාතය පිළිපැද්දා වූ යුදෙව්වන් අතර සිටි දේව ප්රතික්ෂේපයේ සහෝදරයින්හට ඔවුහු, ‘නුඹලා නුඹලාගේ නිවෙස් තුළම රැඳී සිටිනු. කිසිවිටෙක අපි නුඹලාව පහත් නොකරන්නෙමු. නුඹලා ව යටත් නොකරන්නෙමු. මුස්ලිම්වරු නුඹලා ව එයින් පිටුවහල් කළේ නම්, නුඹලා සමග එක් ව අපද පිටත් වෙමු. නුඹලා සමග පිටත්වීම අප වළක්වන්නට සිතන කිසිවෙකුට අපි අවනත නොවෙමු. ඔවුන් නුඹලා සමග සටන් කළේ නම් ඔවුනට විරුද්ධව අපි නුඹලාට උදව් කරමු.' යැයි පවසා සිටියෝය. යුදෙව්වන් පිටුවහල් කරනු ලැබුවේ නම් ඔවුන් සමග තමන් ද බැහැරව එන බවටත්, ඔවුන් සටන් කරනු ලැබුවේ නම් ඔවුන් සමග එක්ව සටන් කරන බවටත් එම කුහකයින් කරන වාදයේ සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරනු ඇත.