Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mumtahanah — Ayah 13

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَوَلَّوۡاْ قَوۡمًا غَضِبَ ٱللَّهُ عَلَيۡهِمۡ قَدۡ يَئِسُواْ مِنَ ٱلۡأٓخِرَةِ كَمَا يَئِسَ ٱلۡكُفَّارُ مِنۡ أَصۡحَٰبِ ٱلۡقُبُورِ ١٣
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! අල්ලාහ්ගේ කෝපය ඔවුන් කෙරෙහි බල පැවැත්වුණු, පරමාන්ත දිනය ගැන විශ්වාස නොකරන පිරිසක් නුඹලා භාරකරුවන් ලෙස නොගනු. ඔවුන් යළි අවදි කරනු ලැබීම ප්රතික්ෂේප කළ හේතුවෙන් ඔවුන් මිය ගිය පසු යළි අවදි කිරීම ගැන බලාපොරොත්තු සුන් කර ගත්තාක් මෙන් මොවුන් බලාපොරොත්තු සුන් කර ගත්තවුන් වෙති.