Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mumtahanah — Ayah 12

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا جَآءَكَ ٱلۡمُؤۡمِنَٰتُ يُبَايِعۡنَكَ عَلَىٰٓ أَن لَّا يُشۡرِكۡنَ بِٱللَّهِ شَيۡـٔٗا وَلَا يَسۡرِقۡنَ وَلَا يَزۡنِينَ وَلَا يَقۡتُلۡنَ أَوۡلَٰدَهُنَّ وَلَا يَأۡتِينَ بِبُهۡتَٰنٖ يَفۡتَرِينَهُۥ بَيۡنَ أَيۡدِيهِنَّ وَأَرۡجُلِهِنَّ وَلَا يَعۡصِينَكَ فِي مَعۡرُوفٖ فَبَايِعۡهُنَّ وَٱسۡتَغۡفِرۡ لَهُنَّ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ١٢
අහෝ නබිවරය! -මක්කාහ් ජයග්රාහී අවස්ථාවේ සිදු වූවාක් මෙන්- දේව විශ්වාසී කාන්තාවන්, තමන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර ඔහුට පමණක් නමදින බවටත්, ඔවුන් සොරකම් නොකරන බවටත්, ඔවුන් අපචාරයේ නොයෙදෙන බවටත්, අඥානයින්ගේ සිරිතක් ලෙස ඔවුන්ගේ දරුවන් මරා නොදමන බවටත්, දුරාචාරයෙන් බිහි වූ දරුවන් ඔවුන්ගේ සැමියන්ට සම්බන්ධ නොකරන බවටත්, යහපත් කටයුතුවලදී නුඹට ඔවුන් පිටු නොපාන බවටත්, -උදාහරණ වශයෙන් විලාප නගා හැඬීම, හිස මුඩු කිරීම, ඇඳුම් ඉරා ගැනීම වැනි දෑ- දිවුරමින් ප්රතිඥා දෙන්නට නුඹ වෙත පැමිණියේ නම්, නුඹ ඔවුනට ප්රතිඥා දෙනු. ඔවුන් නුඹට ප්රතිඥා දුන් පසු ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. ඔහුගේ ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමුවනන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.