Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mumtahanah — Ayah 11

وَإِن فَاتَكُمۡ شَيۡءٞ مِّنۡ أَزۡوَٰجِكُمۡ إِلَى ٱلۡكُفَّارِ فَعَاقَبۡتُمۡ فَـَٔاتُواْ ٱلَّذِينَ ذَهَبَتۡ أَزۡوَٰجُهُم مِّثۡلَ مَآ أَنفَقُواْۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ أَنتُم بِهِۦ مُؤۡمِنُونَ ١١
නුඹලාගේ බිරියන්ගෙන් ඇතැමෙකු දේව විශ්වාසය අතහැර දමා දේව ප්රතික්ෂේපකයින් වෙත යෑම අනිවාර්යය වී, නුඹලා ඔවුන් වෙනුවෙන් වියදම් කළ විවාහ ත්යාග මුදල් එම ප්රතික්ෂේපකයින්ගෙන් ඉල්ලා සිට ඔවුහු එය ලබා නොදුන්නේ නම් දේව ප්රතික්ෂේපකයින්ගෙන් ගන්නා ලද ඝනීමත් -යුද පිටියේ සතුරා විසින් දමා ගොස් අන් සතු කළ සම්පතින්- ඔවුන්ගේ බිරියන් දහම අතහැර දමා ඔවුන්ගෙන් ඉවත්ව ගිය ස්වාමි පුරුෂයින් හට ඔවුන් වියදම් කළ මහර් ප්රමාණය මෙන් ප්රමාණයක් ඔවුනට පිරිනමනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් සිට ඔහු බිය හැඟීමෙන් යුතුව කටයුතු කරනු.